Day: November 23, 2021

2021 LPL තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට අනුමැතිය

2021 එල් පී එල් තරගාවලිය සඳහා සීමිත නරඹන්නන් පිරිසකට ක්‍රීඩාංගණ වෙත පැමිණිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය දී තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කලේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම කටයුතු සිදුකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය විසින් පියවර ගන්නා බවයි. මෙවර එල් පී එල් තරගාවලිය ලබන 05 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වෙනු ඇති. මේ අතර දැන් පැවැත්වෙන කොදෙව් පිළට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහාද සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්

Read More »

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණය සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ප්‍රතිශත අගයන් ලොව සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමකට පැමිණෙමින් සිටිනවා. පසුගිය ජූනි මාසය වනවිට ඔස්ටේ්‍රලියාව පහළම අගයක පසුවූ අතර එවක ඉහළින්ම සිටි ජර්මනිය – මහා බි්‍රතාන්‍යය – ඊශ්‍රායලය සහ අමෙරිකාව යන රටවල් හා සැසඳීමේදී මේ වනවිට ඉහළ මට්ටමකට ළගා වී සිටී. ලොව පුරා එන්නත්කරණ ප්‍රතිශතයන් නිරීක්ෂණය කරන Our World in Data වෙබ් අඩවියට අනුව මේ වනවිට ඔස්ටේ්‍රලියාවට ඉහළින් සිටින්නේ ඉතාලිය – දකුණු කොරියාව – කැනඩාව – පෘතුගාලය සහ චිලී රාජ්‍යයන් ඇතුලු රටවල් කිහිපයක්

Read More »

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හරහා එන්න 43,000 ක් අයදුම් කරයි

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT සංචාරකයින් සඳහා නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට දකුණු ඕස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි. පසුගිය සිකුරාදා පස්වරුවේ සිට සංචාරකයින් 43,000 ක් මේ සඳහා අයදුම් කර ඇත. 80% ට වඩා අඩු කොවිඩ් එන්නත් අනුපාතයක් සහ තවමත් කොවිඩ් වයිරසය ප්‍රජා සම්ප්‍රේෂණය වීමක් ඇති නගර සභා කලාපවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තවමත් නිරෝධායනය වීම අවශ්‍යවේ. ක්වීන්ස්ලන්තය 90% එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගන්නා තෙක් සිඩ්නි වෙත කෙරෙන ඉක්මන් සංචාර ප්‍රශ්නයක් නොවේ යයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත

Read More »

ත්‍රිකුණාමලය කළපුවක පාරුවක් පෙරළී ළමුන් 06 දෙනෙක් මරුට

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් 6 දෙනෙක් මියගොස් තිබේ. එම පාරුවේ ළමුන් හා ගුරුවරු ගමන්කර ඇත. ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා විය. එමෙන්ම එහි ගමන්ගත් තවත් පුද්ගලයින් 11 දෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් සිටිය දී අද (23) උදෑසන පාරුව පෙරළී ගොස් තිබේ.

Read More »