Day: November 21, 2021

NSW කොවිඩ් පණත ඉල්ලා අස්කර ගන්නා ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා යෝජිත නව කොවිඩ් පණත් කෙටුම්පත ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් මෙම සතියේදී ඉල්ලා අස්කර ගනු ඇති බවට වාර්තා පළවේ. ඒ වෙනුවට තවත් රෙගුලාසි එකතු කර නව කෙටුම්පතක් ඉදිරියේදී හඳුන්වාදීමට ඔහු කටයුතු කරනු ඇති බව සඳහන්. ඒ අනුව කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නීති රැසක් නව කෙටුම්පතට අන්තර්ගත වනු ඇති බවටයි වාර්තා පළවන්නේ. QR කේත ක්‍රමය මෙන්ම මුව ආවරණ භාවිතය සම්බන්ධ රෙගුලාසි ගණනාවක්ද යෝජිත පණතට අන්තර්ගත කෙරෙනු ඇති. නිවු

Read More »

දිමුත් ගේ පහරක් වැදී කොදෙව් නවක ක්‍රීඩකයා රෝහලේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව පළමු දිනයේ දිවා විවේකය සදහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව කිසිවෙකුත් නොදැවී ලබාසිටි ළකුණු සංඛ්‍යාව 61 ක්. දිමුත් කරුණාරත්න සමගින් පැතුම් නිශ්ශංකයි කඩුල්ලේ රැඳී සිටින්නේ. මේ අතර දිවා විවේකය සඳහා තරගය නතර කිරීමට ටික වේලාවකට පෙර දිමුත් කරුණාරත්නගේ විසින් පහර දෙන ලද

Read More »

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 85% ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 85 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අවුරුදු 16 ට වැඩි සමස්ත ජනගහණය අතුරින් සියයට 91.5 ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන අවසන් බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. තවදුරටත් අඩුම එන්නත්කරණ ප්‍රතිශතය සහිත ප්‍රාන්තය බවට පත්වී සිටින්නේ බටහිර ඔස්ටේ්‍රලියාවයි. එය සියයට 72.7 ක්. ක්වීන්ස්ලන්ඩ් හා Northern Territory සියයට 73.3 ක් ලෙස එන්නත්කරණ ප්‍රතිශතයන් පවතිනවා. ඔස්ටේ්‍රලියාවේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 95 ක්. නිවු සවුත් වේල්ස් 02

Read More »

myGov වෙබ් අඩවිය තාක්ෂණික දෝෂයක

ඔස්ටේ්‍රලියානු රජයේ සේවා රැසක් ඉටු කරගත හැකි myGov වෙබ් අඩවිය මේ වනවිට තාක්ෂණික දෝෂයකට ලක්ව තිබෙනවා. එබැවින් එමගින් සේවා ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්. ඊයේ රාත්‍රී 12 සිට අද පෙරවරු 08 දක්වා myGov වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම් කිහිපයක්ද සිදුකෙරුණා. කෙසේවෙතත් අද දහවල් 02 න් පමණ පසු නැවත වරක් එය අක්‍රීය වී ඇති බව සඳහන්. එබැවින් MediCare සේවා මෙන්ම කොවිඩ් එන්නත්කරණ සහතික ලබාගැනීම වැනි සේවා රැසක් අඩාල වී තිබෙනවා. https://twitter.com/myGovau/status/1462260737246732291?s=20

Read More »