Day: November 16, 2021

අතහැර දමා යන ට්‍රොලි සඳහා වෙළඳසැල් හිමියන්ගෙන් දඩ අයකල යුතු බවට යෝජනාවක්

පාරිභෝගිකයන් විසින් අතහැර දමා යන ට්‍රොලි සඳහා සුපිරි වෙළඳසැල් හිමියන්ගෙන් දඩ අයකල යුතු බවට වන යෝජනාවක් නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. පාරිභෝගිකයන් විසින් විවිධ ස්ථානවල අතහැර දමා යන ට්‍රොලි පැය 03 ක් ඇතුළත නැවත රැගෙන නොගියහොත් ඩොලර් 660 ක දඩයක් එලෙස අය කල යුතු බවටයි යෝජනා වී ඇත්තේ. සුපිරි වෙළඳසැල් අසල ට්‍රොලි දමා යාම හමුවේ රිය අනතුරු වැඩිවීම මෙන්ම මාර්ග අවහිරතා ඇති විය හැකි බවටද වාර්තා පළවී තිබෙනවා. එමෙන්ම වැඩිවන සෑම ට්‍රොලියක් සඳහාම

Read More »

ප්‍රවේශමෙන් !!! සල්ලි රට යවන ආයතනවලින් පරිස්සම් වන්නැයි ඔස්ටේ්‍රලියා රජයෙන් දැනුම්දීමක්

ලියාපදිංචි නොමැති, මුදල් ප්‍රේෂණ (සල්ලි රට යවන) නියෝජිත ආයතන පිළිබඳ විමසිලිමත් වන ලෙස ඔස්ටේ්‍රලියානු රජය සියලු ජනතාවට දන්වා සිටිනවා. ඔස්ටේ්‍රලියාවේ සිට මුදල් වෙනත් රටකට යැවීමට බලයලත් ස්ථාන සියල්ල මුදල් විශුද්ධිකරණ පණත සහ ත්‍රස්ත මර්දන පණත ආරක්ෂා කරන බවට ලියාපදිංචි විය යුතු වනවා. එහෙත් එලෙස නොවන ඇතැම් ආයතන විසින් ත්‍රස්තවාදය – ළමා අපචාර – නීති විරෝධී ගිණි අවි ජාවාරම් වැනි සඳහා මුදල් ලබාදීමේ අරමුණින් මුදල් ප්‍රේෂණ ආයතන පවත්වාගෙන යන බවටයි ඔස්ටේ්‍රලියානු රජය දන්වා සිටින්නේ. නිවැරදිව සහ

Read More »

ලබන වසරේ T20 ලෝක කුසලාන අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ

ලබන වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන මීලග විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමැතිය දී තිඛෙනවා. තරග මාලාව ලබන වසරේ ඔක්තෝම්බර් 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා ඔස්ටේ්‍රලියාවේ නගර 07 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති. අවසන් පුර්ව වටයේ තරග පැවැත්වෙන්නේ සිඩ්නි හා ඇඩිලේඩ් හිදියි. 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයද පැවැත්විමට සැලසුම් කර තිබුනේ ඔස්ටේ්‍රලියාවේයි. නමුත් කොරෝනා තත්වය හමුවේ එය වසර දෙකකින් කල් දැමුනා. ලබන

Read More »

ඔස්ටේ්‍රලියාවේ Cloud Computing ඉහළ නංවන්න Google වෙතින් ඩොලර් බිලියනයක්

ඔස්ටේ්‍රලියාව තුළ ඩිජිටල් අනාගත සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගූගල් ආයතනය විසින් ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා. ඉදිරි වසර 05 ක කාලය තුළදි එය ක්‍රියාත්මක කෙරෙනු ඇති. Cloud Computing කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන බවයි ගූගල් ආයතනය නිවේදනය කලේ. මීට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ සිය පළමු පර්යේෂණ ආයතනය පිහිටුවීමටද ගූගල් ආයතනය පියවර ගෙන ඇති අතර දේශීය ව්‍යවසායකයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබාගැනීමටද තීරණය වී තිබෙනවා. මේ පිළිබඳ තමන්ද අතිශය සතුටට පත්වන බවයි

Read More »

ඔස්ටේ්‍රලියාවේ එකම ස්ථානයකින් වැඩිම කොවිඩ් මරණ වාර්තා වූ මෙල්බර්න් වැඩිහිටි නිවාසය ගැන විමර්ශනයක්

ඔස්ටේ්‍රලියාවේ එකම ස්ථානයකින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවූ මෙල්බර්න් St.Basils වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ ජූලි සහ අගෝස්තු කාලවලදී මෙම ස්ථානයේ සිටි නේවාසික වැඩිහිටියන් 117 දෙනෙකු අතුරින් 50 දෙනෙකු කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත්වුණා. මූලික විමර්ශනයකදී හෙළිවූයේ ප්‍රාන්ත රජය සහ වික්ටොරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අතර සන්නිවේදන දුර්වලතාවයක් හමුවේ නිසි සෞඛ්‍ය පියවර නොගැනීම ඊට හේතුව බවයි. ඒ අනුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ. නියමිත සෞඛ්‍ය පියවර ගනු ලැබුවේ නම්

Read More »