Day: November 15, 2021

කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී Northern Territory ප්‍රදේශයක් දින 03 කට Lockdown

Northern Territory හි නව කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග Greater Katherine ප්‍රදේශය දින 03 කට Lockdown කර තිබේ. ඇබොරිජින් ස්වදේශ ජනතාව වාසය කරන Robinson River ආශ්‍රිත ප්‍රදේශයද Lockdown කර ඇත. මේ අනුව අද පස්වරු 06 සිට එම ප්‍රදේශවල පදිංචි ජනතාවට නිවාසවලින් බැහැරට යාමට හැකිවනුයේ අත්‍යවශ්‍ය කරුණු 05 සඳහා පමණි. කෙසේවෙතත් පාසල් අඛණ්ඩව විවෘතව පවතින අතර මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. එක ලග පිහිටා ඇති නිවාස 02 ක පදිංචි දෙදෙනෙකුයි මෙලෙස ආසාධිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ.

Read More »

PHOTOS : සිඩ්නි බටහිර ප්‍රදේශයේදී ෆෙරාරි මෝටර් රථයක් අනතුරක

සිඩ්නි බටහිර ප්‍රදේශයේදී ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක් අනතුරට ලක් වී තිබේ. රියදුරාට රථය පාලනය කරගත නොහැකිව ගොස් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. St Peters හි Princes Highway ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරෙන් රියදුරුද ඇතුලුව පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට ලක්වූ ෆෙරාරි වර්ගයේ මෝටර් රථයක වටිනාකම ඩොලර් 475,000 කට ආසන්න වේ. PICS – 7NEWS

Read More »

නිවාස පොළී අනුපාත ඉහළ යනු ඇතැයි ඔස්ටේ්‍රලියානුවන් බියෙන්

නිවාස පොළී අනුපාත ඉහළ යාම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන් අතුරින් අති බහුතරයක් අප්‍රසාදයෙන් පසුවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. පොළී අනුපාතය එක් අගයකින් වැඩිවීම යනු තමන්ට මාසිකව ඩොලර් 300 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන්නක් බවයි Finance Brokers Association of Australia විසින් සිදුකල සමීක්ෂණයකදී ඔවුන් පෙන්වා දී ඇත්තේ. පුද්ගලයන් 1000 ක් යොදාගෙන සිදුකල මෙම සමීක්ෂණයේදී සියයට 57 ක් පමණ පවසා ඇත්තේ එය තමන්ට දැරීමට අසීරු බරක් වනු ඇති බවයි. එබැවින් පවතින නිවාස පොළී අනුපාතයන් පවතින මට්ටමේම පවත්වාගෙන

Read More »

වික්ටෝරියා ළදරු පාසල් සහ day-care වෙත නොමිලේ rapid antigen කට්ටල බෙදා හැරීම මෙම සතියේදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළදරු පාසල් සහ day-care මධ්‍යස්ථාන වෙත නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල බෙදා හැරීම මෙම සතියේදී ආරම්භ කෙරේ. මුල් ළමාවිය සේවාවන්හි COVID-19 පැතිරීම කළමනාකරණය කිරීම එහි අරමුණයි. ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 860 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  17,518කි. ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,104 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 5,030ක්

Read More »

වසර 07 කට පෙර අතුරුදන් වූ William Tyrrell දරුවා ගැන නැවතත් විමර්ශනයක්

වසර 07 කට පෙර නිවු සවුත් වේල්ස් Kendall හිදී අතුරුදන් වූ එවකට 03 හැවිරිදි වියෙහි පසුවූ William Tyrrell දරුවා සම්බන්ධයෙන් නැවතත් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. ඔහු ඝාතනය කර වළ දමා ඇතැයි සැළකෙන ස්ථාන කිහිපයක් පරීක්ෂා කර බැලීම සඳහා සිය ගණනක් වන පොලිස් නිළධාරීන් අද දිනයේදී ඒ අනුව යෙදවෙනු ඇති. 2014 වසරේ සැප්තැම්බර් 12 වනදා නිවු සවුත් වේල්ස් Kendall ප්‍රදේශයේ පිහිටා ඇති සිය මිත්තණියගේ නිවසේ සිටියදීයි William Tyrrell දරුවා අතුරුදන් වූයේ. අද ආරම්භ වන විමර්ශනය සඳහා පුරා විද්‍යාඥයන් කිහිප දෙනෙකුද

Read More »