Day: November 14, 2021

ඔස්ටේ‍රලියාව තුළ අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබන ජනවාරියේ සිට කොවිඩ් එන්නත්

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබන ජනවාරි මාසයේ සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ඔස්ටේ‍රලියාව තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට එන්නත ලබාදීමට මේ දක්වා කිසිදු අනුමැතියක් ලැබී නොමැති බවයි. අදාළ වයස් කාණ්ඩයේ ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අමෙරිකාව පසුගියදා අවසර ලබාදුන්නා. ළමුන් එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණවත් තරම් මේ වනවිටත් රට තුළ පවතින බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ සඳහන් කලේ. පසුගිය සිකුරාදා දිනයේදී ඔස්ටේ්‍රලියාව තුළ

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා රජය හා ෆෙඩරල් රජය කඹ ඇදීමක – පර්ත් අලු බඳුන තරගය වැට උඩ

සැලසුම් කල දිනයට පෙර බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා. ඉහළම එන්නත්කරණ ප්‍රතිශතයක් වාර්තා කර ඇති ප්‍රාන්ත 02 ක් වන නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට පවා මේ දක්වා බටහිර ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කර නැහැ. කෙසේවෙතත් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් පර්ත් හිදී පැවැත්වීමට නියමිතව ඇති බැවින් සැලසුම් කල කාලයට වඩා ඉක්මණින් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. එහෙත් මේ සඳහා

Read More »

ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන දිවි ගමන නිමා කරයි

ජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන අද (14) උදෑසන සිය දිවි ගමන නිමා කර තිබෙනවා. දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. සිරස සුපර් ස්ටාර් සීසන් 02 තරගාවලිය හරහා ජනතා ආකර්ශණයක් දිනාගත් ඔහු ගැයූ දන්නවද මම දුකින්, රතු මැණිකේ, ඔබට කඳුලක් වෙලා ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතරේ ජනප්‍රිය විය. ඊට අමතරව රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නිර්මාණ කිහිපයකම ඔහුව දැකගන්නට ලැබුණි ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

Read More »
Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණය 70% ඉක්මවයි / නිවාස නිරෝධායනය ඇරඹේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 70 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද සිට ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති කිහිපයක් ලිහිල් කෙරෙනු ඇති. නිවාස නිරෝධායන වැඩපිළිවෙල ආරම්භ කිරීම ඉන් ප්‍රමුඛ වෙයි. නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ප්‍රාන්තවල අධි අවධානම් ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිසි අවසරය ලැබී ඇත්නම් නිවාස නිරෝධායනයට ඇතුළත් වීමට අද සිට අවස්ථාව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි. එහෙත් පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ඉක්මවා ගොස් තිබිය යුතු වනවා.

Read More »