Day: November 13, 2021

මහේල ICC විශිෂ්ඨයන්ගේ නාම ලේඛණයට

අයි සී සී විශිෂ්ඨයන්ගේ නාම ලේඛණය (Hall of Fame) සඳහා ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධනගේ නමද ඇතුළත් කර තිබෙනවා. ඔහුට අමතරව දකුණු අප්‍රිකා ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනට් බ්‍රිටින් ද ඊට ඇතුළත් කර ඇති බවයි අයි සී සී ය නිවේදනය කලේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 652 කට ක්‍රීඩා කර ඇති මහේල ටෙස්ට් තරග 149 කට / එක්දින තරග 448 කට සහ පන්දුවාර 20 තරග 55 කටද ක්‍රීඩා කර තිබෙනවා. ශ්‍රී

Read More »

නත්තල් වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

නත්තල් සමය වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට සපයන ජලය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවට බලධාරීන් අනතුරු අගවනවා. ප්‍රාන්ත රජය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය කටයුතු සඳහා හැකිතාක් ජලය භාවිත කිරීමෙන් වළකින ලෙසයි. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ජලය සපයන ප්‍රධානම ජලාශයක් වන Wivenhoe Dam හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම මීට ප්‍රධාන හේතුවයි. මේ වනවිට එහි ජල ධාරිතාවය සියයට 39.6 දක්වා අඩුවී තිබෙනවා. සමස්ත ප්‍රාන්තයම සැළකීමේදී මේ වනවිට ජල ධාරිතාවය පවතින්නේ සියයට 55.2 ක් ලෙසයි. ඉදිරි ග්‍රීෂ්ම සෘතුවේදි මෙම

Read More »

කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සිසුන් රැගත් ගුවන් යානය ලබන 06 දා සිඩ්නි නගරයට

කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සිසුන් රැගත් ගුවන් යානයක් ලබන 06 වනදා ඔස්ටේ්‍රලියාවට ගොඩබැස්වීමට නියමිතතව තිබෙනවා. ඉන්දුනීසියාව – සිංගප්පූරුව – වියට්නාමය – චීනය සහ කැනඩාවේ සිසුන් පිරිසක් කුලී ගුවන් යානයකින් මෙලෙස සිඩ්නි නගරයට පැමිණිමටයි නියමිතව ඇත්තේ. සිසුන් 250 දෙනෙකු පමණ එහි පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍ය Simon Birmingham පවසා සිටියා. ඉදිරියේදී තවත් රටවල්වල සිසුන් සඳහා ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීමට නියමිතයි. මෙලෙස පැමිණෙන සිසුන් ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් අනුමත කරන ලද එන්නතක් ලබාගෙන සිටීම

Read More »

කාර්යාලයේදී කොවිඩ් හැදුණොත් ඔබට ලැබෙන අයිතිවාසිකම් මෙන්න

ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථානයේදී රැකියාවේ නිරත වන අතරතුර කෝචිඩ් වෛරසය වැළඳී ඇති බවට හඳුනාගතහොත් ඕස්ට්‍රේලියානු සේවකයෙකු අයිතිවාසිකම් රැසක් ලබාගැනීමට ඔබට අවස්ථාව පවතිනවා. ඔබේ සම්මත නිවාඩු ලබාගැනීම හෝ නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීම ඊට ඇතුළත්. ඕස්ට්‍රේලියාවේ Fair Work කොමිසම මගින් අනුමත කරන ලද තාවකාලික විදිවිධාන යටතේ සේවකයකු හට සති දෙකක වැටුප් රහිත “pandemic leave” නොහොත් වසංගත නිවාඩු සහ අර්ධ වැටුප් සහිත වාර්ෂික නිවාඩු ලබාගැනීමට හැකියාව පවතිනවා. මෙම සහන ලබාදීම දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතයි.

Read More »

නවසීලන්තයට හොඳ අභියෝගයක් දීමට ඔස්ටේ්‍රලියාව සැරසෙයි

මාසයක් පුරා පැවැති තරග 45 කින් සමන්විත වූ 2021 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාප්තිය සනිටුහන් කෙරෙන අවසන් මහ තරගයේදී නවසීලන්තයට එරෙහිව සාර්ථක අභියෝගයක් එල්ලකිරීමට සූදානම් බව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම පවසනවා. හෙට ඩුබායි ක්‍රීඩාංගණයේදීයි තරගය ආරම්භ වන්නේ. ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ද අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 08 ක් ද හිමිවනවා. අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලබමින් නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා. ඔස්ටේ්‍රලියාව

Read More »