Day: November 9, 2021

බෝට්ටුවෙන් රට පනින්න ගිය 21 ක් අල්ලයි

නීති විරෝධී ආකාරයට මුහුදු  මාර්ගය ඔස්සේ කැනඩාව බලා යාමට රැදී සිටි බව කියන කාන්තාවන් – කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුව නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. හලාවත – මෝය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පිරිස  කිලිනොච්චිය සහ යාපනේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත. ඔවුන් අතර දමිල ජාතිකයින් 20 දෙනෙකු සහ සිංහල ජාතිකයෙකුද වේ. අත්අඩංගුවට ගෙන ඇති අය අතර කාන්තාවන් 03 කු සහ කුඩා ළමුන් දෙදෙනෙකුද වේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස

Read More »
CBSL

මව්බිමට මුදල් එවන ලාංකිකයන්ට මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහබැංකුව පවසනවා. එමෙන්ම, එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවන ප්‍රේෂණ සඳහා බලපෑමක් ඇති නොකරන බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා බලපවත්වන පරිදි පසුගිය ඔක්තෝම්බර් 29 වන දා නිකුත් කෙරුණු නව නීතියට අනුව අපනයන ආදායමේ ශේෂය එළඹෙන මාසයේ 7 වන දිනට පෙර රුපියල්වලට හුවමාරු කළ යුතුයි. කෙසේ නමුත් මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය

Read More »

ඔස්ටේ්‍රලියානුවන් ඉන්ස්ටග්‍රම් අතහැර TikTok වැළඳ ගනී

තරුණ ඔස්ටේ්‍රලියානුවන් ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය අතහැරිමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි තහවුරු වී තිබේ. ඔවුන් ටික්ටොක් සමාජ ජාලය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරුවෙමින් ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී ලොව පුරා වැඩිම Downloads ප්‍රමාණයක් සහිත ඇප්ලිකේෂනය බවට පත්ව තිබුණේද ටික්ටොක් ය. මේ අනුව අඛණ්ඩව 10 වන මාසයටත් ටික්ටොක් වැඩිම Downloads ප්‍රමාණයක් සහිත ඇප්ලිකේෂනය වී ඇත. නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ ඉන්ස්ටග්‍රම් සමාජ ජාලය තුළ ඔස්ටේ්‍රලියානුවෙකු දිනකට ගත කරන කාලය විනාඩි 36 ක් දක්වා අඩුවී ඇති

Read More »

නිවු සවුත් වේල්ස් එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 පසුකරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති Brad Hazzard විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවක මේ බව සඳහන්. සිය මීලග ඉලක්කය සියයට 95 බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් තබන ලද ෆේස්බුක් සටහනක දැක්වෙනවා. එම ඉලක්කය ජයගත් පසුව ප්‍රාන්තයේ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කෙරෙන බවද අගමැතිවරයා සඳහන් කර සිටී. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 224 ක් වාර්තා වි තිබේ. දැනට 254

Read More »

සැලසුම් කල දිනයට සති 02 කට පෙර ACT කොවිඩ් සීමා ලිහිල් කෙරේ

සැලසුම් කල දිනයට පෙර කොවිඩ් සීමා ලිහිල් කිරීමට ACT ප්‍රාන්තය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ඇමති ඇන්ඩෲ බාර් කියාසිටියේ සියයට 95 කට වැඩි එන්නත්කරණ ප්‍රතිශතයක් අත්කර ගැනීම හමුවේ මෙලෙස සති 02 කට පමණ පෙර සීමා ලිහිල් කිරීමට තීරණය කල බවයි. මේ අනුව ලබන සිකුරාදා සිට කැන්බරා නිවාස වෙත පැමිණිය හැකි අමුත්තන් සංඛ්‍යාවේ උපරිම සීමාව ඉවත් වනු ඇති. එමෙන්ම බාහිර හමුවීම් සහ විනෝදාස්වාදය සපයන ස්ථාන සඳහා පණවා තිබූ සීමාද සැළකිය යුතු අයුරින් ලිහිල් කර තිබෙනවා. රෝහල්

Read More »