Day: November 6, 2021

හිතාමතා කිවිසුම් යැවීම සාපරාධි පහරදීමක් – කැනඩාවේ අධිකරණයක් තීන්දු කරයි

යම් පුද්ගලයෙකු හිතාමතාම සිදුකරන කිවිසුම් යැවීම සාපරාධි පහරදීමක් බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණයක් තීන්දු කර තිබේ. ලොව මෙවැනි නඩු තීන්දුවක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. බහින්බස්වීමක් දුරදිග යාමෙන් පාරිභෝගිකයෙකු සිය මුඛ ආවරණය ඉවත් කර අවන්හල් සේවිකාවකට කිවිසුම් යැවීමේ සිදුවීමක් සම්බන්ධ නඩු තීන්දුවක් ලබාදෙමින් අධිකරණය මේ බව ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර ලොව පුරා එක් සතියක් තුළදී වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය නැවත උත්සන්න වෙමින් ඇති බවත්

Read More »

Geelong සැණකෙළියේ carnival ride එකක් ක්‍රියා විරහිත වී ළමුන් 04 ක් පැය භාගයක් සිරවෙයි

Geelong, Waurn Ponds shopping centre හි පිහිටා ඇති සැණකෙළි භූමියේ ස්ථාපිත කර ඇති carnival ride එකක් ක්‍රියා විරහිත වීමෙන් කුඩා ළමුන් 04 දෙනෙකු පැය භාගයකට ආසන්න කාලයක් එතුළ සිරවී සිට තිබේ. පසුව වික්ටෝරියා ගිණි නිවීම් අංශ විසින් ඔවුන් බේරාගෙන ඇතැයි සඳහන්. carnival ride එකෙහි එක් අන්තයක් මීටර් 35 ක් පමණ ඉහළ අහසෙහි නතර වී ඇති අතර අනෙක් අන්තය භූමියට ආසන්නයේ නතර වී තිබේ. පසුව ළමුන් 04 දෙනාම ආරක්ෂාකාරීව බේරාගෙන ඇත. ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද වාර්තා

Read More »

ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ කඩඉමක : පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය 80% ඉක්මවයි

එන්නත්කරණ කඩඉමක් පසු කරමින් ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අවුරුදු 16 ට වැඩි ජනයා අතරින් මාත්‍රා 02 ම ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට 80 කට අධිකය. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළකරමින් අගමැති ස්කොට් මොරිසන් ද මේ සම්බන්ධයෙන් සුභ පැතුම් පිරි නැමුවේය. ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 70 ට වැඩි සමස්ත ජනගහණයෙන් සියයට 99 ක් මේ වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්ය. එම වයස් කාණ්ඩයේ සියයට 90 ක් පූර්ණ එන්නත්කරණයට ලක්වී තිබේ.

Read More »

මූලික වියදමක් නැතිවම අමෙරිකාවේ PR ගන්න Apply කරන්න තව දින 03 යි – විස්තරේ මෙන්න

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000 කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා. මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර,

Read More »

කොවිඩ් එන්නතට විරෝධය පළකර දහස් සංඛ්‍යාත පිරිසක් මෙල්බර්න් විරෝධතාවයක

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමට සහ යෝජිත කොවිඩ් පණත් කෙටුම්පතට විරෝධය පළකර දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට මෙල්බර්න් State Library ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටී. නව නීතිය ඉතා භයානක බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පොලිස් නිළධාරින් විශාල පිරිසක්ච අදාළ ස්ථානයේ රැඳී සිටින ආකාරයක් දක්නට හැකියි. පොලිසිය අවධාරණය කරන්නේ කිසිදු ආකාරයකින් නිරෝධායන නීති කඩකිරීමකට ඉඩ නොදෙන බවයි. මීට සති කිහිපයකට පෙරද මෙල්බර්න් නගරයේ මෙලෙසම කොවිඩ් මර්දන නීතිවලට එරෙහිව හා එන්නත අනිවාර් කිරීමට එරෙහිව විරෝධතා පැවති අතර දින

Read More »