Day: November 5, 2021

සිඩ්නි ට්‍රෑම් 12 ක් මාස 18 ක පමණ කාලයක් ක්‍රියාත්මක නොවනු ඇති බවට වාර්තා

සිඩ්නි  inner west light rail line හි ධාවනය වන ට්‍රෑම් 12 ම මාස 18 ක පමණ කාලයක් ක්‍රියාත්මක නොවනු ඇති බවට වාර්තා පළවෙයි. ඒ එම සියල්ලෙහි ඇති තාක්ෂණික දෝෂ අලුත් වැඩියා කිරීම සඳහායි. නිවු සවුත් වේල්ස් ප්‍රවාහන ඇමති Rob Stokes පැවසුවේ ට්‍රෑම් භාවිත කරන මගීන් ප්‍රවාහනය සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. එමගින් සතියකට 5000 කට ආසන්න පිරිසක් ප්‍රවාහනය කිරීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කලේය. නිව් කාසල් සහ කැන්බරා හිදී ධාවනය

Read More »

ක්ලියෝ දැරිය පැහැරගත් සැකකරුගේ ඡායාරූපයක් පළමු වරට මාධ්‍ය වෙත

ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ සැකකරු Carnarvon සිට පර්ත් හි අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වෙත මාරු කර යවා තිබේ. Terence Darrell Kelly නම් 36 හැවිරිදි සැකකරු ඊයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. සැකකරු ගුවන් යානයකට නංවා ගන්නා ඡායාරූපයක් අද මාධ්‍යවල පළවී තිබූ අතර එය ඔහු පිළිබඳ මාධ්‍ය වෙත නිරාවරණය වූ පළමු ඡායාරූපයයි. සැකකරුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු බලහත්කාරයෙන් පැහැර

Read More »

දකුණු ආසියානුවන් අතර කොවිඩ් මරණ හා පෙණහලු ආබාධ ඉහළ දමන නව ජානයක්

කොවිඩ් වෛරසය ආසාධනය වීම හමුවේ පෙණහලු ආබාධ සහ මරණයට පත්වීමේ අවධානම ඉහළ දමන නව ජානයක් සොයාගැනීමට මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ රටවල ජනතාව අතර එය පැවතීම සියයට 60 ක් වැනි ඉහළ අගයක පවතින අතර යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයන් සතුව තිබී එය හමුවීමේ සම්භාවිතාවය සියයට 15 ක් ලෙසයි දැක්වෙන්නේ. දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් මෙම අධි අවදානම් ජානය දරන බව අදාළ අධ්‍යනයෙන් හෙළිවී තිබේ. විවිධ සම්භවයන්ට අයත් පුද්ගලයින්ට මෙම ජානය

Read More »

ඔස්ටේ්‍රලියා Student Visa අයදුම්පත් සියයට 51 කින් පහළට

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ලැබී ඇති වීසා අයදුම්පත් ගණන පසුගිය වසරට සාපේක්ෂව සියයට 51 කින් පහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ. මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ සිටින ශිෂ්‍ය වීසා දරන්නන් සංඛ්‍යාව 259,752 ක්. එයින්ද බහුතරය පශ්චාත් උපාධි හදාරන්නන් බව සඳහන්. වීසා බලපත් ලැබ දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින සංඛ්‍යාව 148,464 ක් බවයි තහවුරු කරගෙන ඇත්තේ. දේශ

Read More »

සියලු සැප අතහැර Tattoo පමණක් තියාගෙන පැවිදි දිවියට ඇතුළත් වූ මෙල්බර්න් හාමුදුරුවන්ගේ කථාව

ශ්‍රී ලංකාවේ සුචිර චානක ගුණතිලක ලෙස උපත ලබා වයස අවුරුදු 05 දී ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී වසර 21 කට පසු ශ්‍රී ලංකාවට පැමිණ ඔස්ටේ්‍රලියාවේ බෝධි ධම්ම හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වු මෙල්බර්න් හාමුදුරුවන් ලෙස ප්‍රචලිත ස්වාමීන් වහන්සේ පිළිබඳ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය වී තිබේ. පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී උපත ලැබූ සුචිර චානක ගුණතිලක සිය දෙමව්පියන්ට ලැබුණු ස්ථිර පදිංචිභාවයත් සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1997 වසරේදියි. එහිදී තරුණ කාලයේ කල යුතු සියල්ලට අමතරව සමාජයේ

Read More »