Day: October 7, 2021

NSW හා ACT වල සිරවී සිටි වික්ටෝරියා වාසීන්ට අද සිට යළි නිවෙස් බලා ඒමට ඉඩ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ACT ප්‍රාන්තයේ Red zones ලෙස නම් කර ඇති අවධානම් නොමැති ප්‍රදේශ Orange zone ලෙස අද සිට නැවත වර්ගීකරණය කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා. එමඟින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටි වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නැවත සිය නිවෙස් බලා ඒමට ඉඩ සැලසේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,638 ක් හමුව ඇත. මරණ 2ක් ද වාර්තා විය​. මේ අතර කොවිඩ් පළමු මාත්‍රාව ලබාගත් පිරිස 96%

Read More »

නවසීලන්ත මන්ත්‍රිනියකට ලාංකික දැරියක යැවූ ලිපියක් සමාජ මාධ්‍ය කළඹයි

නව වීසා කාණ්ඩයක් හඳුන්වාදී 165,000 කට ආසන්න පිරිසකට නේවාසික වීසා පිරිනැමීමට නවසීලන්ත රජය ගත් තීරණයට මේ වනවිට එරට සිටින තාවකාලික වීසා බලපත් ලාභීන්ගෙන් දැඩි ප්‍රසාදයක් පළවෙමින් පවතී. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Erica Stanford ට ශ්‍රී ලාංකික දැරියක වන Iyana විසින් එවන ලද ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්ව ඇත. ඒ එම ලිපියේ ඇති සංවේදී භාවය හේතුවෙනි. තම දෙමව්පියන් අවිනිශ්චිත තත්වයක සිටි බවත් මේ වනවිට එම තත්වය තුරන්ව ගොස් ඇති බවත් Iyana සඳහන්

Read More »

ලබන සඳුදා සිට NSW ලිහිල් වන නිරෝධායන සීමා මෙන්න

ලබන සඳුදා එනම් ඔක්තෝබර් 11 වනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කෙරේ. ඒ ඊයේ පස්වරුව වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 අභිබවා යාම හේතුවෙනි. මේ අනුව ලබන සඳුදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට අමුත්තන් උපරිම 10 දෙනෙකු නිවසට ගෙන්වා ගත හැකිය. බාහිර හමුවීම් සඳහා පැවති පුද්ගලයන් 20 සීමාව 30 දක්වා ඉහළ දැමෙනු ඇති. විවාහ සහ අවමගුල් සඳහා දැනට පවතින 50 සීමාව 100 ක උපරිමයක් දක්වා වැඩි කර තිබෙනවා. ලබන

Read More »

West Gate Freeway රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

West Gate Freeway හි Spotswood, Williamstown Road ආසන්නයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. Ute රථයක් සහ ට්‍රත් රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත. මේ අනුව මංතීරු 03 ක්ම අවහිර වී ඇති අතර එක් මංතීරුවක් පමණක් විවෘතව පවතී. විකල්ප මාර්ගයක් ලෙස Geelong Road භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ. එමෙන්ම රථවාහන තදබදය හේතුවෙන් අමතර කාලයක් ගතවිය හැකි බවටද අනතුරු ඇගවෙයි. https://twitter.com/VicTraffic/status/1445887289499037696?s=20 pic – Victraffic

Read More »
SYDNEY

NSW ඊයේ කොවිඩ් මරණ 08 ක් – ආසාධිතයන් 587 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 587 ක් වාර්තා වි තිබේ. දැනට 911 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 181 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 08 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 459 කි. https://twitter.com/NSWHealth/status/1445902198445989892?s=20

Read More »