Day: May 23, 2021

ශ්‍රී ලංකා විපක්ෂ නායකට සහ බිරිඳට කොවිඩ්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ ඊයේ දිනයේදී තම බිරිඳ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරුණු බවයි. එහිදී ඇය කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන තිබෙනවා. අනතුරුව සජිත් ප්‍රේමදාස ද පී සී ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුද කොවිඩ් ආසාධිත බවටයි තහවුරු කරගෙන ඇත්තේ. තමා සහ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්

Read More »

නත්තල් වනවිට සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම එන්නත් කර අවසන්

ලබන ඔක්තෝබර් මාසයේ සිට සතියකට ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 02 බැගින් ඇණවුම් කිරීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා. නත්තල් සමය වනවිට සෑම අයෙකුම එන්නත් කර අවසන් කිරීමයි එහි සැළසුම වන්නේ. ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමාද බවටයි චෝදනා එල්ලවූයේ. ඇස්ට්‍රා-සෙනෙකා එන්නත සමග රුධිර කැටි ගැසීම් වාර්තාවීම හමුවේ ඇතැමුන් එම එන්නත ලබාගැනීමට අකමැති වීමද එක් හේතුවක් වුණා. මෑතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළිවුයේ සෑම වයස්ගත ඔස්ටේ්‍රලියානුවන් 03 කින් අයෙකුම එන්නත් ගැනීමට පසුබට වන බවයි.

Read More »

Update: ශිරාන් ප්‍රනාන්දුට පමණක් කොවිඩ් / තරගාවලිය සැලසුම් කල පරිදි

බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් ශිරාන් ප්‍රනාන්දුට පමණක් කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ සිදුකල දෙවන පී සී ආර් පරීක්ෂණ වාර්තාවට අනුවයි. ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී තිබුණේ. කෙසේවෙතත් ඉසුරු උදාන සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට සිදුකල ද 02 වන පී සී ආර් පරීක්ෂණයෙන් ඔවුන් ආසාධිතයන් නොවන බව තහවුරු වී ඇති අතර තරගාවලිය සැලසුම් කල

Read More »

බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා ???

බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පළවන වාර්තා පිළිබඳ සොයා බලමින් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ දැනට බංග්ලාදේශයේ සිටින කණ්ඩායම් කළමණාකරුගෙන් තමන් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ඉල්ලා ඇති බවයි. ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට මෙලෙස කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ. ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින

Read More »

ඉන්දියාවේ සිටි ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය ඩාර්වින් නගරයට

ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානු ජාතිකයන් රැගත් 02 වන ගුවන් යානය අද පෙරවරුවේ ගොඩබස්වා තිබෙනවා. මගීන් 165 දෙනෙකු එහි පැමිණ ඇති අතර නවදිල්ලි සිට පැමිණි ක්වන්ටාස් ගුවන් සේවයේ යානය ඩාර්වින් නගරයටයි ගොඩබස්වා ඇත්තේ. මෙම පිරිස සති 02 ක් නිරෝධායනය කිරීමට නියමිතයි. මෙම යානයේ පැමිණි කිසිවෙකුත් පළමු පී සී ආර් පරීක්ෂණයෙන් ධනාත්මක වී නොමැති බවද සඳහන්.

Read More »