Day: March 30, 2021

ලංකාවේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩිවෙයි ?

විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අනුව විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ටාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 2500ක් ලෙස සංශෝධනය කිරීමට අනුමැතිය ඉල්ලා තිබේ. එමෙන්ම විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක පෙර පාර්ශ්වකරුවන්ගේ නිවසේදී විවාහනය ලියාපදිංචි කරන්නේ නම් අඑම පාර්ශ්වකරුවන්ගේ අයකරන ගාස්තුවද රුපියල් 1000ක් දක්වා වැඩි

Read More »

සූවස් ඇළේ නැව් ගමනාගමනය යළි ඇරඹේ

කන්ටේනර් බහාලුමක් අවහිරවීමත් සමග සතියකට ආසන්න කාලයක් ඇණහිට තිබූ සුවස් ඇළේ නෞකා ගමනාගමනය නැවත ආරම්භ වී තිබෙනවා. එවර් ගිවන් නෞකාවද නැවතත් නෙදර්ලන්තය බලා ගමන් කිරීමට නියමිතයි. ඊට පෙර එය පූර්ණ සෝදිසියකට ලක් කිරීමට නියමිතව ඇත්තේ නෞකා බඳට හෝ වෙනත් ස්ථානවලට හානි සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහායි. අනතුරුව එය එහි ගමනාන්තය වන නෙදර්ලන්තය දක්වා ගමන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. මෙතෙක් රතු මුහුද ආශ්‍රිතව නැංගුරම් ලා තිබූ නෞකා 300 කට ආසන්න සංඛ්‍යාවක් යළිත් සිය

Read More »

කොවිඩ් වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන්

කොවිඩ් 19 වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් නිගමනයකට එළැඹී තිබෙනවා. එමෙන්ම වවුලන්ට වෛරසය වැළඳී ඇත්තේ වෙනත් සත්ව කොට්ඨශයකින් බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ. මේ අනුව චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයකින් කොව්ඩ් වෛරසය බාහිර පරිසරයට මුදාහරින්නට ඇතැයි යන තර්කය බිඳ වැටෙන බවයි විද්‍යාඥයන් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කලේ. එමෙන්ම තම රටෙන් බැහැර ස්ථානයකදී කොවිඩ් වෛරසයේ මූලාරම්භය සනිටුහන් වන්නට ඇති බවට චීනය ගොඩනගා තිබූ තර්කයද එමගින් බිඳ වැටෙන බව ලෝක

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 08 ක් – දැනට 78 ක් රෝහල්වල

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 08 දෙනෙකු හමුවී තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk පැවසුවේ ඉන් 06 දෙනෙකුම පෙර ආසාධිතයන්ගේ සමීපතමයන් බවයි. මේ අනුව දැනට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල්වල සිටින ආසාධිතයන් ගණන 78 ක්. මෙම පිරිස පොකුරු 02 කට අයත්වන බවද ආණ්ඩුකාරවරිය කියාසිටියා. එම පොකුරු දෙකම එකම රෝහලකට සම්බන්ධ බවටයි තහවුරු කරගෙන ඇත්තේ. එහි එක් හෙදියක ඉන්දියාවේ සිට පැමිණ ඇති බවද සඳහන්.  

Read More »

කොරෝනා සඳහා දේශීය ඖෂධයක් ප්‍රවර්ධනය කළ ජනාධිපති මදුරෝට ෆේස්බුක් තහංචියක්

කොවිඩ් 19 සුව කළ හැකි බව පවසමින් දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුවට තහංචියක් පනවා තිබේ. මේ අනුව දින 30ක් ගතවන තුරු ජනාධිපති මදුරෝ ට තම ෆේස්බුක් පිටුවේ කිසිවක් පළ කළ නොහැකිය. thyme නමැති පලෑටියක සාරය යොදා ගනිමින් තනා ඇති එම ඖෂධය මගින් කොවිඩ් 19 සුව කළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජනවාරියේදී ය. නමුත් එම ඖෂධයෙන් කොවිඩ් 19 සුව වන බවට මේ දක්වා සනාථ වී නොමැත.

Read More »