
වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණය සඳහා ඔන්ලයින් ක්‍රමයට වේලාව සහ ස්ථානයේ වෙන් කරවා ගැනීමේ පද්ධතියේ දෝෂ රැසක් ඇති බවට දසතින් චෝදනා එල්ල වී තිබේ.
ඇතැම් මධ්‍යස්ථාන වල එන්නත් නොමැති වීම / නියමිත වේලාවට පෙර වසා දැමීම වැනි ගැටලු රැසකට තමන් මුහුණ පා සිටින බවටයි ජනතාව ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම එන්නත්කරණය සඳහා වේලාවක් වෙන් කරවා ගත් පුද්ගලයන් ඒවා අවලංගු කර ගැනීමට යාමේදීද දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඊයේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ එන්නත් මාත්‍රා මිලියන 10 ක් භාවිතයට ගෙන තිබිණ.
වැඩිහිටි ජනගහණයෙන් සියයට 59 ක් පමණ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්ය.

Pic – getty