
ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන්ට යුරෝපයට පිවිසීමේ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.
ඔවුන්ට ලබාදී ඇත්තේ ඔස්ටේරලියාව තුළ නිෂ්පාදිත ඇස්ට්‍රා-සෙනෙකා එන්නතයි.
එහෙත් යුරෝපා සංගමය විසින් අදාළ මෙල්බර්න් නිෂ්පාදනාගාරය මේ දක්වා ලියාපදිංචි කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බෙල්ජියමේ / අමෙරිකාවේ / දකුණු කොරියාවේ හා චීනයේ නිපදවන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පමණක් යුරෝපා සංගමය විසින් මේ වනවිට පිළිගෙන ඇති අතර ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිෂීල්ඩ් එන්නත පවා යුරෝපා සංගමය විසින් මේ දක්වා පිළිගෙන නොමැත.
එබැවින් ශ්‍රී ලංකාව ඇතුලුව ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත ලබාගත් රටවල ජනතාවටද යුරෝපා සංචාරවල නිරතවීමේ අවධානමක් ඇති බව සඳහන් වෙයි.

යුරෝපා සංගමය පිළිගන්නා එන්නත් නිෂ්පාදනාගාරයක නිපදවන ලද මාත්‍රා 02 ම ලබා ඇති ඕනෑම අයෙකුට අනාගතයේ දේශ සීමා විවෘත වීමෙන් පසු යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුළ කිසිදු බාධාවකින් තොරව සංචාරය කල හැකිය.