මෙල්බර්න් සුපිරි වෙළඳසැලක තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකුට බරපතලයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් සුපිරි වෙළඳසැලක තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකුට බරපතලයි

මෙල්බර්න් සුපිරි වෙළඳසැලක තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකුට බරපතලයි

මෙල්බර්න් සුපිරි වෙළඳ සැලක් තුළ ඊයේ රාත්‍රියේ සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබේ.

12 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් Broadmeadows, Pascoe Vale Road හි Woolworths වෙළඳ සැල වෙත කඩා වැදී මෙම පහරදීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු වයස අවුරුදු 13 හි පසුවන්නන් වන අතර අනෙක් 04 දෙනාම වයස අවුරුදු 16 ට අඩු අයයි.

තුවාල ලැබූ තරුණයාගේ උදරයට හානි සිදුවී තිබේ.

මෙය පුද්ගලික ආරාවුලකට සම්බන්ධ සිදුවීමක් බව වික්ටෝරියා පොලිසිය කියයි.

Pic – Herald Sun