PCR නෙගටිව් නම් විදෙස් සංචාරකයින්ට ලංකාව පුරා යෑමට අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

PCR නෙගටිව් නම් විදෙස් සංචාරකයින්ට ලංකාව පුරා යෑමට අවසර

PCR නෙගටිව් නම් විදෙස් සංචාරකයින්ට ලංකාව පුරා යෑමට අවසර

කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංචාරක අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් එම සංචාරකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ හත්වැනි දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව සඳහන් වෙයි.

එසේම සියලුම සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගතවීමට පැය 72 ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිත නොවූවකු බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට PCR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් මෙරට ඕනෑම ස්ථානයක සංචාරය කිරීමට අවසර හිමිවන බව සංචාරක මණ්ඩලය දැනුම් දී තිබේ.

සංචාරක අධිකාරියේ උපදේශක නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ කෙසේවෙතත් ඔවුන් දින 7කට පසුව යළිත් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“සම්පූර්ණ එන්නත්කරණය ගත් සංචාරකයෙකු දින 14කට පසු සංචාරය කරනවා නම් එයාලා කිසිම නිරෝධායන ක්‍රියාවලියකට ලක්වෙන්නේ නෑ.

ඒ අය ආවට පස්සේ කරන PCR එකෙන් නෙගටිව් නම් සමාජගතවෙන්න පුළුවන්. එතකොට එයාලට සංචාරක මණ්ඩලයෙන් අනුමත කරලා තියෙන ලෙවල් 1 හෝටල් විතරක් නෙමෙයි ඕන හෝටලයට කාමරයක සිටිමේ අවසරය දීලා තියෙනවා.

එයාලා ලංකාවට ආවට පස්සේ 7වන දවසේ අනුමත කරන ලැබ් එකකින් තව PCR එකක් කරලා [email protected] කියන ඊමේල් එකට යොමු කරන්න ඕනේ.”