
Lockdown කාල සීමාව තුළදී සිය දරුවන් Childcare නිවාස තුළ රඳවා ඇති සිඩ්නි හි පදිංචි දෙමව්පියන්ගෙන් ගාස්තු අය නොකිරීමට තීරණය වී තිබේ.
ෆෙඩරල් රජය විසින් නිවේදනය කලේ ලබන සඳුදා (19) සිට එය බලාත්මක වන බවයි.
ඒ වෙනුවට අදාළ Childcare මධ්‍යස්ථාන වෙත බදු සහනයක් ලබාදීමටයි රජය සැළසුම් කර ඇත්තේ.

Greater Sydney, the Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශවල Childcare මධ්‍යස්ථාන 3600 කට පමණ දරුවන් යොමුකර ඇති පවුල් 216,000 කට පමණ මෙමගින් වරප්‍රසාද හිමිවීම විශේෂත්වයක්.
Sydney හි Childcare මධ්‍යස්ථාන විවෘතව පවතින නමුත් Lockdown තත්වය හමුවේ දරුවන් රැගෙන ඒම විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා.
