Breaking: අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවත වරක් Face-mask අනිවාර්යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවත වරක් Face-mask අනිවාර්යයි

Breaking: අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ නැවත වරක් Face-mask අනිවාර්යයි

අද (14) රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ ගෘහස්ථ කටයුතුවලදී නැවත වරක් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් සඳහා එය බලාත්මක වන අතර පාසල් / රැකියා ස්ථාන ආදී සියල්ලට එය අදාළ වේ.

බාහිර කටයුතුවලදී මීටර් 1.5 ක පරතරය පවත්වා ගත නොහැකි නම් එහිදීද මුව ආවරණ පැළඳිය යුතුය.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වූ මුලු ආසාධිතයන් ගණන 08 දක්වා ඉහළ යයි.

මින් 04 දෙනෙකු Ariele apartments නිවාස සංකීර්ණයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පහතින් නිකුත් කර ඇත.