
ගුරුවරියකට කොවිඩ් වැළඳීම නිසා වයඹ දිග මෙල්බර්න් හි Bacchus Marsh Grammar පාසල දින 02 කට වසා දමා තිබේ.
ඇය අවසන්වරට පාසලට පැමිණ ඇත්තේ පෙරේදා (12) දිනයේදීයි.
කෙසේවෙතත් සෞඛ්‍ය උපදෙස් මත සියලු සිසුන් හුදකලා කිරීමටත් පරීක්ෂණවලට ලක් කිරීමටත් පියවර ගෙන තිබේ.

තත්වය යහපත් නොවුණහොත් ලබන සඳුදා සිට පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමටද බළධාරීන් තීරණය කොට ඇත.
Pic – Google
