
මෙල්බර්න් නගරය ආශ්‍රිකව කොවිඩ් ආසාධිතයන් 08 දෙනෙකු වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමාව වසා දැමීමට බටහිර ඔස්ටේ්‍රලියා රජය පියවර ගෙන තිබේ.
ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කලේ අඩු අවධානම් කලාපයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කරමින් මෙම තීරණය ගත් බවයි.
මේ අනුව වික්ටෝරියා සිට බටහිර ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් හුදකලාව සිටිය යුතුය.

අවධානම් ස්ථාන ලෙස නම් කර ඇති කලාපවල සිට දැනටමත් පැමිණ ඇති අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී හුදකලාව සිටිය යුතුයි.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 07 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වූ මුලු ආසාධිතයන් ගණන 08 දක්වා ඉහළ යයි.
මින් 04 දෙනෙකු Ariele apartments නිවාස සංකීර්ණයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති.
මින් එක් අයෙකු MCG ක්‍රීඩාංගණයේ පැවති තරගයක් නැරඹීමට යාම නිසා එම ක්‍රීඩාංගණයද මේ වනවිට අවධානම් ලැයිස්තුවට නම් කර ඇත.