වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයෙක් / NSW හි Lockdown තත්වය තවත් දීර්ඝ කිරීම අද

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

මෙම ආසාධිතයාද Hume හි එකම පවුලේ ආසාධිතයන් 03 දෙනෙකු හමුවීමේ සිද්ධියට සම්බන්ධ බවටයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙම පිරිස පසුගිය ජූලි 04 වනදා Red zones බලපත් යටතේ සිඩ්නි නගරයට ගොස් නැවත පැමිණ තිබූ බව වාර්තා වනවා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමේ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි.

ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් එය ප්‍රකාශයට පත් කරනු ඇති.

අද දිනයේදී NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 100 කට ආසන්න පිරිසක් වාර්තා කෙරෙනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදි කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැතැයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රකාශ කලා.

ඒ අනුව ලබන සිකුරාදා සිට Lockdown සීමා ඉවත් කිරීමට හැකිවනු ඇති බවද ඇය කියාසිටියා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »