Search

කොවිඩ් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර නැත්නම් වැටුප් නෑ – ප්‍රංශයේ තීරණයක්

අනුමත පරිදි කොවිඩ් මර්දන එන්නත් ලබානොගෙන සිටින ප්‍රංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා සැප්තැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීමට ඉඩ ඇති බව ප්‍රංශ රජය නිවේදනය කරයි.

ඒ අනුව ඔවුන් සියලුදෙනා අදාළ කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගැනීම ඒ වනවිට සම්පූර්ණ කළයුතු බව එම නිවේදනයේ දැක්වේ.

එය එරට වෛද්‍යවරුන්, හෙදියන්, කාර්යාල සේවකයින්ට සහ ස්වේච්ඡා සේවකයන් සඳහා අදාළ වේ.

ලබන මස සිට සාප්පු, මත්පැන් වෙළෙඳසැල්, සිනමා ශාලාවලට ඇතුළුවීමට සහ දීර්ඝ දුම්රිය ගමන් සඳහා සෞඛ්‍ය බලපත්‍ර ඉදිරිපත්කිරීම අනිවාර්ය බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැවසීය.

එම බලපත්‍ර හිමියා එන්නත් ලබාගෙන ඇති බවත් මෑතකදී ලබාගත් පරීක්ෂණ වාර්තාවක් අනුව ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවත් දැක්වේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »