සිඩ්නි Broadway Shopping Centre කොවිඩ් අවධානම් ලැයිස්තුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි Broadway Shopping Centre කොවිඩ් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි Broadway Shopping Centre කොවිඩ් අවධානම් ලැයිස්තුවට

සිඩ්නි නගරයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා දහවල් 12 ත් පස්වරු 02 ත් අතර කාලයේදී කොවිඩ් ආසාධිතයෙකු එහි සිට ඇති බවට තහවුරුවීමත් සමගයි.

මේ අනුව Ultimo හි Broadway Shopping Centre හි අදාළ කාලය තුල සිටි කිසියම් අයෙකු වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

අදාළ ආසාධිතයා Kmart, JB Hi Fi, Coles, ALDI, Harvey Norman & Liquorland ආදී වෙළඳසැල් රැසකට ගොස් ඇති බවද හෙළිවී තිබේ.

කෙසේවෙතත් එම තැනැත්තා සෑම ස්ථානයකදීම QR කේත භාවිත කර ඇතැයිද සඳහන්.

Pic- Facebook