Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ දරු උපත් ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ දරු උපත් ඉහළට

Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ දරු උපත් ඉහළට

මෙම වසර තුළදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ අමතර දරු උපත් 1400 ක් පමණ අපේක්ෂා කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.

එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5.7 ක ඉහළ යාමකි.

පසුගිය වසර තුළ අවස්ථා කිහිපයකදී පැවති තත්වය හමුවේ බොහෝ පිරිසක් වැඩි කාලයක් නිවෙස් තුළ සිටීම මීට ප්‍රධානතම හේතුවයි.

කලාප ලෙස සැළකීමේදී Hamilton සෞඛ්‍ය කලාපයෙන් සියයට 51 ක් / Bendigo කලාපයෙන් සියයට 43 ක් සහ Ballarat කලාපයෙන් සියයට 38 ක් ලෙස අමතර දරු උපත් අපේක්ෂා කෙරෙන බවයි සංඛ්‍යාලේඛණ වාර්තා අනාවැකි පළකරන්නේ.

ගර්භණී මව්වරුන් වෙනුවෙන් මෙවර වික්ටෝරියා ප්‍රාන්ත රජය වැය කරන මුදල ඩොලර් මිලියන 13.2 ක් බවද Martin Foley පවසයි.

 

Pic – iStock