NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 44 ක් / අද පස්වරු 05 සිට සිඩ්නි නගරයට තවත් සීමා

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අතර අද පස්වරු 05 සිට සිඩ්නි නගරයට තවත් සීමා කිහිපයක් පණවා තිබේ.

ඒ අනුව එකවර එක් ස්ථානයක ශරීර සුවතාවල නිරතවිය හැකිවනුයේ 02 දෙනෙකුට පමණි. මෙතෙක් එය 10 ක් ලෙස පැවතිණ.

ඒ සඳහා යාමට හැකි වන්නේද කිලෝමීටර් 10 ක දුරකට පමණි.

වෙළඳසැල් තුළ සාප්පු සවාරියේ යෙදීමට අවසර නැත. අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිළදී ගැනීමට පමණක් නිවසකින් එක් අයෙකුට පිටතට යා හැකිය

ලබන ඉරිදා සිට අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වීමට හැකි සංඛ්‍යාව 10 කට සීමා කෙරේ.

අඛණ්ඩව 09 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඊයේ දිනයේදී පරීක්ෂණ 25,000 ක් සිදුකර ඇති අතර හෝටල් නිරෝධායනයේ යෙදී සිටි එක් අයෙකු පමණක් ආසාධිත බව හෙළිවී තිබේ.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන සීමා ලිහිල් කෙරිණ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද ඊයේ දිනයේදී කිසිදු ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

මේ අතර Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner පැවසුවේ සැලසුම් කර ඇති පරිදි අද පස්වරු 01 සිට Lockdown සීමා ලිහිල් කෙරෙන බවයි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »