මෙල්බර්න් පදිංචිකරුගේ COVID 19 ට සමාන Number plate එක තහනම් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් පදිංචිකරුගේ COVID 19 ට සමාන Number plate එක තහනම්

මෙල්බර්න් පදිංචිකරුගේ COVID 19 ට සමාන Number plate එක තහනම්

COVID 19 යන වචනයට සමාන වන අයුරින් සිය වාහන අංකය සකස් කල මෙල්බර්න් පදිංචි පිරිසිදු කිරීම් කරන්නෙකුගේ වාහන අංකය (number plate) තහනම් කර තිබේ.

CVD 19 ලෙස එම වාහන අංකය සකස් කර ඇතත් එය දුටු විගස පෙනී යන්නේ COVID 19ලෙස බැවින් වික්ටෝරියා ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

VicRoads විසින් වාහන හිමිකරුට දන්වා ඇත්තේ ලබන 29 වන දිනට පෙර වාහන අංක පුවරුව භාර දෙන ලෙසයි.

කෙසේවෙතත් Peter Smith නම් අදාළ පුද්ගලයා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ පවතින වාතාවරණය හමුවේ බලධාරීන්ට මීට වඩා සිදුකල යුතු දෑ ඇති බවයි.