සිඩ්නි නගරවාසීන් වෙනුවෙන් JobKeeper දීමනාව දෙන ලෙස කල ඉල්ලීමක් ප්‍රතික්ෂේපයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි නගරවාසීන් වෙනුවෙන් JobKeeper දීමනාව දෙන ලෙස කල ඉල්ලීමක් ප්‍රතික්ෂේපයි

සිඩ්නි නගරවාසීන් වෙනුවෙන් JobKeeper දීමනාව දෙන ලෙස කල ඉල්ලීමක් ප්‍රතික්ෂේපයි

Lockdown තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින සිඩ්නි නගර වාසීන් වෙනුවෙන් JobKeeper දීමනාව ලබා දෙන ලෙස කල ඉල්ලීමක් මුදල් අමාත්‍ය Josh Frydenberg විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

NSW ප්‍රාන්ත මුදල් ඇමති Dominic Perrottet විසිනුයි මෙම ඉල්ලීම කර තිබුණේ.

එහෙත් JobKeeper දීමනාව ලබාදිය නොහැකි බවද ඒ වෙනුවට ඔවුන්ට වෙනත් මූල්‍යමය ප්‍රදානයක් සිදුකිරීමට මධ්‍යම රජය සුදානම් බවද Josh Frydenberg සඳහන් කලේය.

අද පෙරවරුවේ ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මෙල්බර්න් නගරවාසීන්ට දුන් ආකාරයේ මූල්‍යමය ප්‍රදානයක් මෙලෙස හිමිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.