මෙල්බර්න් KFC අවන්හලකට සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ප්‍රහාරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් KFC අවන්හලකට සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ප්‍රහාරයක්

මෙල්බර්න් KFC අවන්හලකට සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ප්‍රහාරයක්

සත්ව හිමිකම් ක්‍රියාකාරිනී Tash Peterson ඇතුලු 06 දෙනෙකු විසින් මෙල්බර්න් නුවර KFC අවන්හලකට කඩා වැදී එය තුළ කළහකාරීව හැසිරී තිබේ.

එමෙන්ම ආහාර ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට පවා ඔවුන් බැණවැදී ඇත්තේ සත්ව හිමිකම් කඩ කරන බවට චෝදනා කරමිනුයි.

මීට අදාල ඡායාරූප කිහිපයක්ද Tash Peterson ඉන්ස්ටග්‍රම් සමාජ ජාලයේ පළ කර තිබිණ.

ආහාර සඳහා සතුන් ඝාතනය වහා නතර කල යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් පොලිසිය පැමිණ තත්වය පාලනය කර ඇත.