අඛණ්ඩව 04 වන දිනටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාධිතයෙකු නෑ | NSW – 16 / QLD – 01

covid

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් සමාජ සම්ප්‍රේෂණය හරහා කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඊයේ දිනයේදී පරීක්ෂණ 20,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබේ.

මේ අනුව අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාධිතයෙකු සටහන්වී නොමැත.

එහෙත් හෝටල් නිරෝධායනයේ සිටි එක් අයෙකු පමණක් කොවිඩ් ආසාධිත යැයි හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් එක් ආසාධිතයෙකු පමණක් වාර්තා විය.

ඒ පරීක්ෂණ 14,000 ක් අතුරිනි.

මෙම ආසාධිතයාද පෘතුගාල අවන්හලකට සම්බන්ධ කොවිඩ් පොකුරට අයත් වේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 14 දෙනෙකු කලින් හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර 02 දෙනෙකුට වෛරසය ආසාධනය වූ අයුරු අපැහැදිලි බව NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියයි.

https://twitter.com/NSWHealth/status/1411490293791170560?s=20

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »