
මෙල්බර්න් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ.
ඊට අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ලාංකිකයන්ගෙන් සියයට 49 ක්ම පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ මෙල්බර්න් නගරයයි.
2011 වසරේ සිට මේ දක්වා වික්ටෝරියා වෙත පැමිණ ඇති ලාංකිකයන් ගණන 11,839 කි.

මෙලෙස පැමිණි ලාංකිකයන්ගෙන් සියයට 58 ක් දරුවන් ද සමග පැමිණි පවුල් වන අතර සියයට 21 ක් දරුවන් නොමැතිව පැමිණි අය වෙති.
මෙල්බර්න් හි සිටින ලාංකිකයන්ගෙන් සියයට 59 කට ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය පවතී.

රැකියා ලෙස ගත්විට
සියයට 25.7 – වෘත්තිකයන්
සියයට 16.6 – පරිපාලන අංශයේ රැකියා
සියයට 13.3 – කම්කරුවන්
සියයට 10.6 – තාක්ෂණික හා වෙළඳ අංශයේ රැකියා
සියයට 9.1 – කළමණාකරුවන්
සේවා අංශ ලෙස සැළකීමේදී මෙල්බර්න් හි සිටින ලාංකිකයන්ගෙන්
සියයට 15 – සෞඛ්‍ය හා සමාජ උපකාර
සියයට 14.3 – වෘත්තිකයන් / තාක්ෂණික හා පරිපාලන
සියයට 14.1 – නිෂ්පාදන අංශයේ
සියයට 12.9 – තොග හා සිල්ලර වෙළඳාම
සියයට 6.5 – නවාතැන් හා ආහාර
මෙල්බර්න් හි ලාංකිකයන් වැඩි වශයෙන්ම පදිංචි වී සිටින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත්තේ
Hume – Monash – Knox – Greater Dandenong – Casey ප්‍රදේශ යි.
Source : https://liveinmelbourne.vic.gov.au/discover/multicultural-communities/sri-lankan