ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් ගෙන් විපක්ෂ නායක සජිත් කල ඉල්ලීම

ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා.

එහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිලිබදව සාකච්ඡා පැවැති අතර බරපතල ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කලේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දශක හතකට වැඩි සම්බන්ධතාවය පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කලා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »