වර්ජින් හිමිකරුගේ පළමු වාණිජ අභ්‍යවකාශ ගමන ලබන 11 දා ?? – AusLanka TV – Australian News for the Sri Lankan community

වර්ජින් හිමිකරුගේ පළමු වාණිජ අභ්‍යවකාශ ගමන ලබන 11 දා ??

වර්ජින් හිමිකරුගේ පළමු වාණිජ අභ්‍යවකාශ ගමන ලබන 11 දා ??

ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයට සංචාරකයින් පිරිසක් ගෙන යන බව පවසන්නේ මීට දශකයකට පමණ පෙර සිට ය.

ඒ අනුව තම පළමු ගමන ජූලි 11 හෝ ඊට ආසන්න දිනයකදී සිදුකරන බව බ්‍රැන්සන් පවසයි.

යුනිටි රොකට් ගුවන්යානයේ මගියෙක් ලෙස ඔහුද එම ගමනට එක්වීමට නියමිතය. එම යානය නිර්මාණය පසුගිය දශක දෙක පුරා සිදුකෙරිණි. ඒ වර්ජින් ගැලක්ටික් නම් සමාගම විසිනි.

එම යානයට කිලෝ මීටර් 90ක් එනම් අඩි 295,000ක් පමණ ඉහළ යා හැකිය. එවිට යානයේ සිටින අයට තමන්ගේ බර අහිමි වූ බවක් දැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.

එසේම පෘථිවි වක්‍රය හොඳින් දර්ශනය වීමට ද අවස්ථාව ලැබෙන බව පැවසේ.

අභ්‍යවකාශයට වාණිජ ගුවන්ගමන් ආරම්භ කිරීම අරමුණ වේ.

මේ  වනවිට පුද්ගලයින් 600ක් පමණ ඒ සඳහා මුදල් ගෙවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එක් ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 250,000ක් පමණ වෙතැයි සඳහන් වේ.

මේ අතර ලොව සිටින බිලියනපතියන් අතුරින් ඉදිරියෙන් ම සිටින ජෙෆ් බෙසොස් ද අභ්‍යවකාශයට සංචාරක ගමන් සංවිධානය කිරීමට සූදානම් වෙයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ වෙළෙඳාම නව මගකට හැරවූ ඇමසන් වෙබ් අඩවියේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් පැවසුවේ තම යානයේ මංගල ගමන ජූලි 20 වනදා ඇරඹෙන බවය.

Pic – Programminginsider