
ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ චෝදනා එල්ල වී දිවයිනට ගෙන්වූ එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට අවම වශයෙන් වසරක හෝ ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
ඔවුන් තුන්දෙනා දිවයිනට පැමිණියේ ඔවුන්ට එරෙහිව තාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවමින් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ දැනුම්දීමට අනුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරින් දැඩි ස්ථාවරයක සිට පෙන්වා දී ඇත්තේ රටට සිදුවූ දැවැන්ත අපකීර්තිය හේතුවෙන් මොවුන්ට වසරක නොව වසර 5 ක පමණ තරග තහනමක් ලබාදිය යුතු බවයි.

ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඔවුන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් වෙත යොමු කෙරුණා.
නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වන විනය පරීක්ෂණ සඳහා මුහුණදීමට සිදුවනවා.
