Search

ද්‍රවිඩ කාන්තාවක වහල් සේවයේ වසර 08 ක් තබා සිටි මෙල්බර්න් ද්‍රවිඩ කාන්තාවකට එරෙහි නඩු විභාගයක්

ද්‍රවිඩ ජාතික කාන්තාවක වහල් සේවයේ අයුරින් වසර 08 කට වැඩි කාලයක් තබාගෙන සිටි මෙල්බර්න් නගරයේ වාසය කරන තවත් ද්‍රවිඩ ජාතික කාන්තාවකට එරෙහිව නඩු විභාගයක් ආරම්භ වී තිබේ.

Kumuthini Kannan සහ ඇයගේ සැමියා වන Kandasamy ට එරෙහිවයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ.

2007 – 2015 දක්වා කාලයේදී ඔවුන් විසින් Mount Waverley පිහිටි සිය නිවසේ තබාගෙන ඉවුම් පිහුම් වැඩ / පිරිසිදු කිරිම් / ළමුන් බලාගැනීම් වැනි කාර්යයන් රැසක් මෙහෙකාරිය ලවා කරවාගෙන ඇති බව සඳහන්.

දිනකට පැය 23 ක් පමණ මැය සේවය කර ඇති අතර 2015 වසරේ ජූලි මාසයේදී ඇදවැටීමකට ලක්වී තිබෙනවා.

නඩු විභාගයේදී විත්තිකාර පාර්ශවයේ නීතීඥවරයා සඳහන් කර තිබුණේ තම සේවාදායිකාව කිසියම් උපකාරයක් කිරීමේ අරමුණින් මෙම තැනැත්තිය සේවයට ලබාගෙන ඇති බවයි.

ඇය ඔස්ටේ්‍රලියානු – ඉන්දු සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රජාවේ වැදගත් චරිතයක් බවද නීතීඥවරයා සඳහන් කර තිබේ.

අදාල සේවිකාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි තැනැත්තියක වන අතර ඇයගේ බර කිලෝ 40 ක් දක්වා අඩුවී තිබූ බවද වාර්තා වනවා.

 

Pic – AAP

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »