
ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකග වී තිබේ.
අගමැති ස්කොට් මොරිසන් සහ සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් ඊට එක්විය.
සියලු Aged Care මධ්‍යස්ථානවල සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත් ලබාදීම අනිවාර්ය කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

ඔවුන්ට ඒ සඳහා වැටුප් සහිත නිවාඩු හිමිවේ.
එමෙන්ම අවුරුදු 60 ට අඩු කිසියම් කෙනෙකුට වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනිමට අවසර දීමටද ජාතික කැබිනෙට්ටුව සාකච්ඡා කර තිබේ.

විදේශයන්හි සිට පැමිණෙන්නන් ගේ නිරෝධායන කටයුතු විධිමත් කිරීමටද අද පැවති සාකච්ඡාව්දී තීරණය කල බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ.