
අනවශ්‍ය ලෙස ඉහළ ප්‍රමාණයන්ගෙන් මිළදී ගැනීම් හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිය වෙළඳ සංකීර්ණ සඳහා ටොයිලට් පේපර් ඇතුලු භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් උපරිම මිළදී ගැනීම් සීමා පැණවීමට Woolworths සහ Coles ආයතන පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට මිළයට ගැනීමට හැකිවන්නේ ටොයිලට් පේපර් පැක්ස් 02 ක් පමණි.
අවශ්‍ය තරම් සැපයුම් ඇතත් පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වී ඇති බවයි එම ආයතන පෙන්වා දෙන්නේ.

මේ අතර Woolworths හිදී ටොයිලට් පේපර් මිළඳී ගැනීමට ගිය තරුණියකගේ දර්ශන පෙළක් ටික්ටොක් සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආයතනය විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Source : https://7news.com.au/lifestyle/pathetic-woolworths-shoppers-unbelievable-toilet-paper-act-caught-on-camera-in-new-tiktok-c-3246367