විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලාංකික පුරවැසියන් දිවයිනට පැමිණීමට පැය 96 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් හෝ පැය 48 කට පෙර ලබාගත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

විදේශිකයන් හෝ ද්විත්ව පුරවැසිලාභීන් පැය 96 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතුයි.

ලබාගත් එන්නත් මාත්‍රා පිළිබඳ තොරතුරු ඇතුළත් කාඩ්පත ඉංග්‍රීසී භාෂාවෙන් පමණක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.

දිවයිනට පැමිණි පළමු දිනයේදීම ඔවුන් පී සී ආර් පරීක්ෂණයකට යොමුවිය යුතු අතර දින 14 ක් අදාළ හෝටලයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතුයි.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එම තානාපති කාර්යාල විසින් වෙන් කරන ලද නිල නිවාසතුළදී නිරෝධායන කාලසීමාව ගත කල හැකි වනවා.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් කර දින 14 කට පසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් ඒ පිළිබඳ වහා සෞඛ්‍ය අංශ දැනුවත් කල යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »