කොවිඩ් මඩින්න කැන්ගරු දේශයෙන් සිංහ දේශයට පිඹින හුස්ම… හුස්මකට හයියක්…

කොවිඩ් වසංගතය හමුවේ අසරණ වී සිටින ලාංකිකයන් වෙනුවෙන් වෛද්‍ය උපකරණ මිළයට ගැනීමට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් පිරිසක් මුලපුරා ඇති බව අපට දැනගන්නට ලැබුණා.

හුස්මකට හයියක්.… ඒ ගැන කථා කරන්න අපි සම්බන්ධ කරගත්තේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම මූල්‍ය ක්ශේත්‍රයේ වෘත්තීකයෙක් & හුස්මකට හයියක් ආරම්භක සාමාජිකයෙක්, කමිටු නියෝජිතයෙක් සහ එම ක්‍රියාන්විතයේ වෙළඳ ප්‍රචාරක අංශය මෙහෙයවන අසංක දොඩන්තැන්න…

කොහොමද හුස්මකට හයියක් කියන මේ ව්‍යාපෘතිය බිහිවෙන්නේ ?

කොවිඩ් දෙවන රැල්ලට බොහෝ රටවල් මුහුණ දුන්නා. එතනදී අපිට තේරුම් ගියා එක් එක් රටේ ධනවත්භාවය මත තමයි මේ වසංගත තත්වය කලමණාකරණය කෙරෙන්නේ කියලා. අපි ඔස්ටේ්‍රලියා රජය මේ තත්වය කළමණාකරණය කරන ආකාරය දුටුවා. ශ්‍රී ලංකාවේ ජනයා අසරණ වෙලා ඉන්න ආකාරය දුටුවා. මූලික වශයෙන් අපි 08 දෙනෙක් එකතුවෙලා මූලික වශයෙන් සංවිධානයක් පිහිටුවාගත්තා Australian Covid Appeal for Sri Lanka ලෙසින්. වෛද්‍යවරයෙකුත් අපි සමග ඉන්නවා. කොවිඩ් නිසා මිනිස්සු මැරෙන්නේ හුස්ම නැතිව. ඒ නිසා ලංකාවේ රෝහල් පද්ධතියට සවියක් වෙන්න හුස්මකට හයියක් වෙන්න කියන මේ සද්කාර්යය අපි ආරම්භ කලා.

මෙහි ප්‍රතිලාභය ලැබෙන්නේ කාටද – කොහෙමද ලංකාවට ආධාර යවන්නේ ?

අපි මූලිකවම ප්‍රතිපත්තියකට ආවා කිසිම කෙනෙකුට මුදල් විධිහට කිසි පරිත්‍යාගක් කරන්නේ නැහැ කියලා. කිසිම ආයතනයකට හෝ පුද්ගලයකුට මුදල් විධිහට නොවේ උපකරණ ආකාරයෙන් තමයි ආධාර සපයන්නේ. අපි සමග කටයුතු කරන වෛද්‍ය කණ්ඩායමක් නිර්දේශ කරන උපකරණ තමයි අපි සපයන්නේ. මුලින්ම ඔස්ටේ්‍රලියාවෙන් ගත හැකි නම් මෙහෙන් මිළදී ගන්නවා. අනතුරුව වෙනත් රටක තිබේ නම් එම රටින් මිළයට ගන්නවා. ශ්‍රී ලංකාවේ අඩු මුදලකට කිසියම් උපකරණයක් තිබේ නම් ඒ සඳහාත් අවධානය යොමු කරනවා. මොන ක්‍රමයෙන් ගියත් වෛද්‍ය උපකරණ ලෙස ලබාදීම පමණයි සිදුවන්නේ. අපේ නියෝජිත පිරිසක් සිටිනවා ශ්‍රී ලංකාවෙත්. ඔවුන් සොයා බලනවා අවශ්‍යතාවයන්. මේ තමයි අපේ ක්‍රියාදාමය.

ඔස්ටේ්‍රලියාව වගෙ ශ්‍රී ලංකාවේ ඉඳන් කිලෝමීටර් දහස් ගණනක් දුර ඉඳන් මේ වගේ කාර්යයක් කරද්දි අපහසු නැතිද ? සංවිධාන ශක්තිය ගැන පැහැදිලි කළොත් ?

සතුටුයි කියන්න අපි හිතුවේ නැති සහයෝගයක් ලැබුණා. මුලින්ම ෆේස්බුක් හරහා ආධාර එකතු කිරීමක් ලෙසයි පටන් ගත්තේ. පළමු පැය 24 තුළ ඩොලර් 25,000 ඉක්මවා ගියා. දින 03 ක් තුළ ඩොලර් ලක්ෂයක් එකතුවුණා. අපි කණ්ඩායම ගැන තිබුණු විශ්වාසය යම්තාක් දුරකට ඒකට ඉවහල් වෙන්න ඇති. අපි කිසිම දේශපාලන සංවිධානයක් නියෝජනය කරන්නේ නෑ. ඩොලර් 150,000 දී අපි ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම නැවැත්තුවා. අනතුරුව අපේ ගිණුමට මුදල් ආධාර ලබාගැනීමයි සිදු කලේ. පළමු සතියේ සිටම උපකරණ අරන් දුන්නා. අපි අනු කණ්ඩායම් කිහිපයක් සාදා ගත්තා. මෙහෙ ඉන්න ලාංකිකයන් නියෝජනය කරන විවිධ සංගම් සම්බන්ධ කරගත්තා.

ලොකු පිරිසක් එකතුවුණා මේ ව්‍යාපෘතියට. පාසල් – විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථීන් නියෝජනය කරන සංගම් ගණනාවක් එකතුවුණා. අනතුරුව අපි යොමුවුණේ මෙහෙ ව්‍යාපාර කරන අය වෙත. දැනට සුලු පරිමාණ මට්ටමින් ව්‍යාපාර කරන අය 80 ක් විතර සම්බන්ධයි. කිසිදු අතරමැදියෙකු නොමැතිව තමයි අපි මේ කාර්යය සිදු කරන්නේ. අපි සූම් තාක්ෂණය හරහා රැස්වීම් කිහිපයක්ම පැවැත්වූවා. අපේ අදහස් පමණක් නොව ඔවුන්ගේ අදහස් පවා විමසුවා. ඔවුන්ගේ ගම්වල රෝහල්වලට අවශ්‍ය මොනවාද විමසා බැලුවා. අපේ අදහස් විතරක් නොවේ සළකා බැලුවේ.

අද වනවිට මේ වනවිට ව්‍යාපෘතියේ තත්වය පැහැදිලි කලොත් ?

ඊයේ ඒ කියන්නේ ඉරිදා තමයි අපි විශේෂ කර්තව්‍යයක් සිදුකලේ. මෙල්බන් නගරයේ ලම්ප් රයිස් පැකට්ටු 6300 ක් පමණ අපි බෙදා හැරියා. මම මේක අලෙවි කිරීමක් කියලා හඳුන්වන්න කැමැති නැහැ. මොකද මේක ආධාරයක් ලබා ගැනීම මත සිදුකරපු දැවැන්ත ක්‍රියාදාමයක්. ඩොලර් ලක්ෂ 03 ක් පමණ දැනට එකතු වෙලා තියෙනවා. ඒක ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ බොහෝදුරට වාර්තාවක් වේවි. එක ඉවෙන්ට් එකක් වෙනුවෙන් වැඩිම මුදලක් එකතු කරපු පළමු අවස්ථාව මෙය වේවි.

කෙනෙකුට සම්බන්ධ වෙන්න අවශ්‍යනම් කොහොමද පුලුවන් ඒ සඳහා ?

අපි ඉතාම කැමැත්තෙන් ඕනෑම අයෙකු සම්බන්ධ කරගන්න සුදානම්. දැනට අපිත් එක්ක ඉන්න සුලු පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව 80 සිට 100 දක්වා ඉහළ නංවන්න අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරවල මානුෂීය හැඩය මේ සඳහා යොදාගන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. අපේ www.australianappealforsrilanka.com වෙබ් අඩවියට පිවිසෙන්න. එහි ඇතුළත් ගිණුම හරහා ඕනෑම කෙනෙකුට අපි සමග සම්බන්ධ වෙන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන පණිවිඩය ගැන කථා කලොත් ?

ශ්‍රී ලංකාව දැන් ඉතාම අවධානම් මට්ටමක පවතින්නේ. වෛද්‍ය – හෙද ඇතුලු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම් නිසා තමයි මේ තරම්වත් පාලනය වෙලා තියෙන්නේ. හැමෝටම පුද්ගලික රෝහල්වලට යන්න හැකියාවක් නෑ. අපි නිදහස් අධ්‍යාපනයෙන් වරප්‍රසාද ලබපු නිසා තමයි අද වනවිට ලෝකයේ මේ වගේ ස්ථානයකට එන්න ලැබිලා තියෙන්නේ. ඊට ප්‍රතිඋපකාරයක් කරන්න අපිත් සමග එකතු වෙන්න. කිසිදු ආගමික දේශපාලන සම්බන්ධයක් නැහැ අපිට. ලංකාවෙත් උපකරණ බෙදා දෙන්න ප්‍රදේශයක් කියලා වෙනසක් නෑ. සියලුම ආධාර සහ වියදම් කරන ආකාරය අපේ ගිණුම පූර්ණ විගණනයට ලක්වනවා. අපිට ලැබෙන එක ඩොලරය පවා වටිනවා. උදව් කරන්න කැමැත්තක් තියෙනවා නම් අපිත් සමග සම්බන්ධ වෙන්න.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »