VIDEO : එන්නත් දියරයක් නැතිව හුළං එන්නත් කල හෙදියකට වැඩ වරදී – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : එන්නත් දියරයක් නැතිව හුළං එන්නත් කල හෙදියකට වැඩ වරදී

VIDEO : එන්නත් දියරයක් නැතිව හුළං එන්නත් කල හෙදියකට වැඩ වරදී

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහනක් අතරතුරේ සිදුවූ අපරීක්ෂාකාරී සිදුවීමක් පිළිබඳව මේවන විට සමාජ ජාල දැඩි අවධානය යොමුව තිබෙනවා.

එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ ඇති තරුණයෙකුට හිස් එන්නතක් ලබා දෙන හෙදියක් පිළිබඳ දර්ශන ඊට ඇතුළත්.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ.

වීඩියෝව පැතිර යාමත් සමග ඉන්දියාව තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති අතර එල්ල වූ ජනතා විරෝධතා හමුවේ අදාළ හෙදියට විරුද්ධව කටයුතු කිරීමට එරට රජයට සිදුව තිබෙනවා.

ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බවට යි වාර්තා වන්නේ.

හිස් එන්නතක් ලබාගත් තරුණයාට ඕනෑම මොහොතක පැමිණ තම කොවිඩ් මර්ධන එන්නත ලබා ගත හැකි බව ද ඉන්දීය බලධාරීන් සඳහන් කරනවා.

මේ අතර සිද්ධියට මුහුණ දුන් තරුණයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ හෙදිය මෙය සිතාමතා සිදු කළ දෙයක් නොවන බව යි.

අදාළ ස්ථානයේ දිගු පෝලිම් කිහිපයක්ම තිබූ බවත්, එහි දැඩි කලබලකාරී වාතාවරණයක් පැවැති බවත්, එම නිසා අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවටත් ඔහු පවසනවා.

අදාළ ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්.