ටස්මේනියා හැර සෑම ප්‍රාන්තයකටම දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සීමා

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 02 ක සහ territories 02 ක සිට පැමිණෙන පුද්ගලයන්ට සිය ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් සඳහන් කලේ Queensland, Western Australia, Northern Territory & ACT සඳහා එය බලාත්මක වන බවයි.

මීට පෙර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන දේශ සීමාව වසා දැමීමටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය කටයුතු කලේය.

වික්ටෝරියා සිට පැමිණෙන සෑම කෙනෙකුම කොවිඩ් පරීක්ෂණයකට පමණක් ලක් කෙරෙන අතර දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් කිසිදු සීමාවක් පණවා නොමැත්තේ ටස්මේනියා සඳහා පමණි.

වෙනත් ප්‍රාන්තවල සිට අද දිනයේදී ඇඩිලේඩ් දක්වා පැමිණි 03 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරුවීමත් සමගයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

Pic – (James Alcock/Sydney Morning Herald)

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »