මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් / සිඩ්නි කොවිඩ් පොකුර 112 ට නගී – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් / සිඩ්නි කොවිඩ් පොකුර 112 ට නගී

මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් / සිඩ්නි කොවිඩ් පොකුර 112 ට නගී

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

කෙසේවෙතත් වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවකයෙකු ආසාධිතවීම හමුවේ මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Terminal 3 (all public areas) on June 25 from 5.20pm to 6.50pm

Terminal 3 (all public areas) on June 26 from 8am to 9am

Axil Coffee Roasters (T2) on June 26 from 6.30am to 7.30am

Terminal 2 (all public areas) on June 26 from 6.30am to 7.30am

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 30 දෙනෙකු වාර්තා වී ඇත.

මේ අනුව ජූනි 16 වනදා සිට මේ දක්වා එහි හඳුනාගෙන ඇති මුලු ආසාධිතයන් ගණන 112 කි.

ඉන් බහුතරය Bondi කොවිඩ් පොකුරට අයත්ය.

මේ අතර අපජලයේ කොවිඩ් කොටස් හමුවීමත් සමග පහත ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Windang, Lake Heights, Cringila, Warrawong, Koonawarra, Brownsville, Dapto, Berkeley, Kanahooka, Horsley, Avondale, Cleveland, Unanderra, Kembla Grange, Primbee, and Port Kembla.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී තිබේ.