Lockdown හමුවේ සිඩ්නි නගරවාසීන්ටද සතියකට $500 බැගින් දීමනාවක්

Prime-Minister-Scott-Morrison.

Lockdown තත්වය හමුවේ අපහසුතාවයට පත්ව සිටින සිඩ්නි නගරවාසීන්ටද සතියකට ඩොලර් 500 බැගින් දීමනාවක් ගෙවීමට රජය සැළසුම් කර තිබේ.

මෙල්බර්න් Lockdown තත්වය පැවති සමයේදී ලබාදුන් අයුරින්ම එම මුදල පිරිනමන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වළක්වාලීමට ප්‍රදේශ රැසක් වසා දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීරණය නිවැරදි තීන්දුවක් බවයි අගමැතිවරයා කියාසිටියේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 04 කට පණවා ඇති Lockdown තත්වය ජූලි 09 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඊයේ පස්වරු 06 සිට Greater Sydney, the Blue Mountains, the Central Coast & Wollongong ප්‍රදේශ සඳහා Lockdown සීමා බලාත්මක වන බවයි NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කලේ.

අත්‍යවශ්‍ය කරුණු 04 ක් සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනු ඇති.

ආහාර හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබාගැනීමට
කොවිඩ් එන්නත හෝ වෙනත් ඖෂධ ලබා ගැනීමට
උපරිමය 10 දෙනෙකු වශයෙන් ශරීර සුවතා සඳහා
රැකියා හෝ අධ්‍යාපනය සඳහා (නිවසේ සිට කල නොහැකි නම්)

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »