
ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදයට එරෙහිව එක් කොරෝනා එන්නත් මාත්‍රාවකින් ලැබෙනුයේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සිදුකල පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැකි බවයි එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ.
මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බවද ඔහු කියාසිටියා.

කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් දරුණු කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලූම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවයි චන්දිම ජීවන්දර සඳහන් කළේ.