Search

Virgin Australia සාමාජිකයෙකුට කොවිඩ් / ගුවන් වාර 05 ක මගීන්ට අනතුරු ඇගවීම්

Virgin Australia ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළිකරගෙන තිබේ.

ඒ අනුව මෑතකදී එම සේවකයා සේවය කල ගුවන් වාර 05 ක ගමන් ගත් සියලුම මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටයි දන්වා ඇත්තේ.

දැනට සිඩ්නි නගරය ආශ්‍රිතව පැතිර යන කොවිඩ් පොකුරේ ආසාධිතයෙකුගේ ආශ්‍රිතයකු ලෙසටයි මෙම ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා හඳුනාගෙන තිබුණේ.

මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක්ද මේ සමගම අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Affected flights:

25 June 2021
  • VA939 Sydney-Brisbane
  • VA334 Brisbane-Melbourne
26 June 2021
  • VA827 Melbourne-Sydney
  • VA517 Sydney-Gold Coast
  • VA524 Gold Coast-Sydney

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »