Commonwealth බැංකුව සමාව අයදිමින් $50 ක් බැගින් පාරිභෝගිකයන්ට ගෙවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Commonwealth බැංකුව සමාව අයදිමින් $50 ක් බැගින් පාරිභෝගිකයන්ට ගෙවයි

Commonwealth බැංකුව සමාව අයදිමින් $50 ක් බැගින් පාරිභෝගිකයන්ට ගෙවයි

සති 02 ක් ඇතුළ දෙවන වරටත් මෙහෙයුම් පද්ධතිවල දෝශ ඇතිවීමත් සමග Commonwealth බැංකුව විසින් සිය පාරිභෝගිකයන්ට ඩොලර් 50 ක් බැගින් වන සමාව අයැදීමේ ගෙවීමක් සිදුකර තිබේ.

පසුගිය බදාදා දෙවන වරට සිදුවූ තාක්ෂණික දෝෂයත් සමග දහස් සංඛ්‍යාත ගණුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් වැනි කටයුතු සිදුකිරීමට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඔවුන් දැඩි දෝෂාරෝපණ එල්ල කලහ.

කෙසේවෙතත් අද දිනයේදී සිය බැංකු ගිණුම් පරීක්ෂා කල ඔවුන් පුදුමයට පත්වී තිබුණේ Commonwealth බැංකුව විසින් සමාව අයැදමින් පිරිනමා තිබූ ඩොලර් 50 ක මුදලක් හිමිව ඇතැයි දැකගන්නට ලැබීම හේතුවෙනුයි.

පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතා සඳහා සමාව අයැදමින් මෙම ඩොලර් 50 ක දීමනාව පිරිනැමූ බවයි Commonwealth බැංකුව නිවේදනය කලේ.

 

Pic – 7News