ඔක්තෝබර් වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා සෙනෙකා භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

ලබන ඔක්තෝබර් මාසය වනවිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබේ.

මේ වනවිටත් මෙරටදී එම එන්නත ලබාදිමට අවසර හිමිවන්නේ වයස අවුරුදු 60 ට වැඩි අයට පමණි.

ඉදිරියේදී ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවටද නවතම වාර්තාවක් හෙළි කරයි.

ඔක්තෝබරය වනවිට ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 17 ක් බැගින් සෑම සතියකම ප්‍රාන්ත අතරේ බෙදා හැරීම රජයේ සැළසුමයි.

ජූලි – අගෝස්තු වනවිට ෆයිසර් එන්නතේ මාත්‍රා 650,000 ක් බැගින් සෑම ප්‍රාන්තයකටම බෙදා හැරීම මධ්‍යම රජයේ සැළසුම වන අතර එය සැප්තැම්බර් වනවිට 930,000 දක්වා ඉහළ නැංවෙනු ඇති.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »