
ඔස්ට්‍රේලියාවේ මහාබාධක කොරල්පරය, අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට යුනෙස්කෝ සංවිධානය සැලසුම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ආයතනය පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන රැස්වීමකදී, එම ලැයිස්තුවට එය ඇතුළත් කරන බවයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලයේ උණුසුම ඉහළ යාම කොරල්පරයට දැඩි ලෙස හානි සිදුවීමට ප්‍රධාන හේතුව බව විද්‍යාඥයෝ පවසති.

මේ හේතුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙස එම සංවිධානය ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටී.
යුනෙස්කෝව පවසන්නේ ඕස්ට්‍රේලියානු රජය කොතරම් උත්සාහ කළ ද කොරල්පරය සහිත ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රධාන ඉලක්ක සපුරා නොමැති බවයි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු රජය මෙම නිර්දේශයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසර 5 තුළ මහා බාධක කොරල්පරයේ පැහැය වෙනස් වී ඇති අතර බහුල වශයෙන් කොරල්පර මියගොස් ඇතැයි ද සඳහන් ය.
මහාබාධක කොරල්පරය යනු ඔස්ට්‍රේලියාවේ සංචාරක ආකර්ෂණය දිනු ප්‍රමුඛතම ස්ථානයකි.