සිඩ්නි නගරයෙන් ආසාධිතයන් 16 ක් / වයස 02 ක දැරියකුත් ඒ අතර / අද සවස 04 සිට නව සීමා

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 10 දෙනෙකුම සිඩ්නි නගරයේ උපන්දින සාදයකට සහභාගීවූ අය බවට හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 02 ක දැරියකද ඒ අතර වනවා.

ඇය අයත් Little Zak’s Academy (Narellan Vale) ළදරු මධ්‍යස්ථානය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර සියලුම දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කල බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලා.

මේ අතර අද පස්වරු 04 සිට NSW ප්‍රාන්තය තුළ පහත පරිදි සීමාවන් ක්‍රියාත්මකයි.

  • No more than five visitors to any household including children
  • People must wear masks in public settings
  • Hospitality venues will remain open but there is no standing
  • No singing or dancing at any venues except for weddings
  • No more than 20 people on the dance floor at a wedding
  • One person per four square metres, which will affect numbers at funerals and weddings
  • A recommendation of 50 per cent capacity at sports stadiums and venues
  • Gym classes limited to 20 but you must wear a mask
  • Green dot seating plan is back in effect on public transport
  • If you live or work in the seven LGAs you must not leave metropolitan Sydney except for essential travel reasons

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »