කල් ඉකුත්වන දින වෙනස් කර ඔස්ටේ්‍රලියාවේ ලාංකිකයන්ට වස විස කැවීමේ තැතක සුළමුල හෙළිවෙයි

මව්බිමෙන් ගෙන්වා මෙරටදී අලෙවි කරන ජෑම් / කෝඩියල් / චට්නි ඇතුලු ආහාර ද්‍රව්‍යවල කල් ඉකුත්වීමේ දිනය වෙනස් කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට AusLanka TV අපට හැකි වුණා.

බොහෝ දුරට මෙවැනි කූඨ ක්‍රියා සිදුවන්නේ කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යන වෙළඳසැල්වල වන අතර ඇතැම් සුපිරි වෙළඳසැල්වලද යම්තාක් දුරකට මෙවැනි වංචනික ක්‍රියා සිදුවන බවටයි අනාවරණ වන්නේ.

ආහාර ද්‍රව්‍ය අලෙවි නොවී කල් ඉකුත්වීමේ දිනය පවා ඉක්මවා යාමෙන් පසු නැවතත් දින වෙනස් කල ලේබල ඇලවීම මෙහිදී සිදුවන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ අලෙවි වන ප්‍රධානතම වෙළඳ නාමයක් වන MD අයත් සමාගම වන Lanka Canneries සමාගමෙන් අප විමසා සිටියා.

එහි අපනයන කළමණාකරු සනත් ඇල්කඩුව පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන්ටද තොරතුරු ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සිට කිසියම් ආහාර ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන්නේ නම් එහි කල් ඉකුත්වීමේ දිනය අනිවාර්යයෙන්ම උපරිම වසර 02 ක් තුළ විය යුතු බවයි ඔහු කියාසිටියේ.

මේ වනවිට මෙවැනි වංචනික ක්‍රියා සිදුකල එක් බෙදාහරින්නෙකුට එරෙහිව ක්‍රියාමාර්ග පවා ගෙන ඇතැයි ඔහු සඳහන් කලා.

තවත් පිරිසකට අවවාද කර ඇති බවද Lanka Canneries අපනයන කළමණාකරු සනත් ඇල්කඩුව කියාසිටියා.

එමෙන්ම මෙවැනි කූට ක්‍රියා සිදුකරන කිසියම් පාර්ශවයක් වෙතොත් යන [email protected] ඊමේල් ලිපිනයට පැමිණිලි යොමු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරුණේ.

කුඩා දරුවන් ඇතුලු ජනතාව ගන්නා ආහාර සඳහා සිදුකරන මෙවැනි අපරාධ පිළිබඳ බළධාරීන් දැනුවත් කර දැඩි පියවර ගත යුතු බවයි AusLanka TV අප අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »