
එන්නත් ලබා ගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන් කරවා ගත් ඔස්ටේරලියානු ජාතිකයන් ඒවා අවලංගු කිරීම් ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් වාර්තා කර තිබෙනවා.
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පමණක් දීමට ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීමත් සමග මෙම තත්වය දක්නට ලැබෙන බව සඳහන්.
රුධිර කැටි ගැසීමේ සිදුවීම් හමුවේයි එම තීරණය ගනු ලැබුවේ.

මේ අනුව වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන්ට ෆයිසර් එන්නත යෝජනා වී ඇති නමුත් ප්‍රමාණවත් තරම් එන්නත් තොග මේ දක්වා ගෙන්වා නොමැතිවීම ඔස්ටේරලියාව මුහුණදී ඇති ප්‍රධාන අභියෝගයයි.
මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 03 කට පමණක් එන්නත දී ඇති අතර එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රමාණය සමස්ත ජනගහණයෙන් සියයට 25 ක් පමණ වනවා.
